fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩිම තරග සංඛ්‍යාවක් අතහැර දැමූ ඉතිහාස ගත වන ලෝක කුසලාන තරගාවලිය

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 12:51

වැඩිම තරග සංඛ්‍යාවක් අතහැර දැමූ ඉතිහාස ගත වන ලෝක කුසලාන තරගාවලිය

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන හතරවන තරගයයි ඊයේ බ්‍රිස්ටල්හි දී පැවැත්විමට නියමිතව තිබුණේ. ඒ මෙරට වේලාවෙන් පස්වරු 03ටයි. බ්‍රිස්ටල් ප්‍රදේශයට ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය පවා තීරණය කිරිමට  නොහැකි වුණා. අනතුරුව විනිසුරුවන් යළි තණතිරුව පරික්ෂා කර තරගය අතහැර දැමිමට තීරණය කළා. ඒ හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමි වුනා. ප්‍රසාද ලකුනු සටහනේ මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ නවසිලන්ත කණ්ඩායමයි. ප්‍රසාද ලකුනු 4ක් ලබා ගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පස්වන ස්ථානයේ පසුවනවා. මෙවර ලෝක කුසලාන තරගාවලිය ඉතිහාස ගත වන්නේ වැඩිම තරග සංඛ්‍යාවක් අතහැර දැමිමිට සිදු වූ ලෝක කුසලාන තරගාවලිය ලෙසයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 12:51

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්