fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයේ වැඩිවීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 14:29

නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයේ වැඩිවීමක්

දිවයින හරහා උතුරු ප්‍රදේශයේ පවතින සුළං තත්ත්වයේ සහ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර , දකුණ , මධ්‍යම , සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ස්ථාන කිහිපයක මිලිමීටර් සියයක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. මන්නාරම සිට පුත්තලම , කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 14:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්