fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 20 කට පසු ගුජරාට් ප්‍රාන්තයට දරුණු සුළි කුණාටුවක්

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 18:30

වසර 20 කට පසු ගුජරාට් ප්‍රාන්තයට දරුණු  සුළි කුණාටුවක්

වායු සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ලක්ෂ තුනක පිරිසක් ආරක්ෂිත ස්ථානකරා යොමු කර තිබෙනවා.

ගුජරාට් ප්‍රාන්තයට අවදානම් නිවේදන ද නිකුත් කිරීමටයි එරට කාලගුණ අංශ කටයුතු කර ඇත්තේ. අද රාත්‍රියේදී හෝ හෙට දිනයේ දී වායු සුළි කුණාටුව පැයට කිලෝමීටර් 110 ත් 120 ත් අතර වේගයකින් ගුජරාට් ප්‍රාන්තයට ඇතුළුවීමට නියමිතයි. අද, හෙට සහ අනිද්දා දිනයන්හි දී ප්‍රදේශයේ පාසල් ද වසාදමා තිබෙනවා. එළඹෙන දින දෙක තුළ ගුජරාට් ප්‍රාන්තයට දැඩි ගංවතුර තත්ත්වයක් ද හටගත හැකි බවට කාලගුණ අංශ අනතුරු අගවනවා. මෙය, මෙම වසරේ ඉන්දියාවට බලපෑ දෙවන ප්‍රබලතම සුළි කුණාටුවයි.

එමෙන්ම වායු සුළි කුණාටුව, වසර විස්සකට පසු ගුජරාට් ප්‍රාන්තයට එල්ල වන දරුණුම සුළි කුණාටුව ලෙසට ද කාලගුණ අංශ සදහන් කරනවා.   මේ අතර උතුරු ඉන්දියාවේ නගර 04 ක් තමන් මුහුණ දෙන දරුණුතම උෂ්ණාධික කාලගුණ තත්ත්වයට මුහුණදී සිටිනවා. දිල්ලි, රාජස්ථාන්, බන්දා සහ අලහබාද් යන නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ක් හෝ ඊට ඉහළ අගයක් ගන්නා බවයි ඉන්දීය කාලගුණ අංශ පවසන්නේ. පසුගිය සතියේ වාර්තා වූ ලෝකයේ උණුසුම් ප්‍රදේශ 15 න් 11 ක්ම ඉන්දියාවෙන් වාර්තා වුණා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 18:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්