fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීවනපලානේ සුමේධ ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 11:57

මීවනපලානේ සුමේධ ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට

අපවත්වී වදාළ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මීවනපලානේ සුමේධ ස්වාමීන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට පැවැත්වෙනවා.

හොරණ මීවනපලාන ශ්‍රී සුනන්දාරාමය, ගුරුගොඩ මල්බෙරිගම ශ්‍රී වාගීශ්වර ධර්මායතනය, කහවල ශ්‍රී විශුද්ධාරාමය, පෝරුවදණ්ඩ ශ්‍රී ශෛලතලාරාමය හා රක්වාන රජවත්ත බෝධිමූලාරාමය යන විහාරස්ථානවල විභාරාධිපති ධුරය හෙබවූ සුමේධ ස්වාමීන් වහන්සේ අපවත් වනවිට 66 වන වියේ පසු වුණා. වසර 56 ක් ශාසනික මෙහෙවරේ යෙදුනු උන්වහන්සේ හොරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධි ධුරයද හෙබවූ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු උපදේශක තනතුරද හොබවා තිබෙනවා. අපවත්වී වදාළ මීවනපලානේ සුමේධ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මීවනපලාන මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්