fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

21 ප්‍රහාරයෙන් පසු පනවා තිබූ සංචාරක සීමා රටවල් රැසක් ඉවත් කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 11:53

21 ප්‍රහාරයෙන් පසු පනවා තිබූ සංචාරක සීමා රටවල් රැසක් ඉවත් කරයි

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට රටවල් රැසක් තීරණය කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඔවුන් තම වැසියන්ට සීමා පනවා තිබුණා. මේ අනුව ස්විට්සර්ලන්තය , ජර්මනිය , ස්වීඩනය , එක්සත්රාජධානිය , ප්‍රංශය , ජර්මනිය සහ නෙදර්ලන්තය සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පනවා තිබූ තහනම ඉවත්කර තිබෙනවා.

මේ වනවිට රටේ පවතින යහපත් තත්ත්වය හේතුවෙනුයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ. ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශනීය රටක් ලෙස ලොවපුරා ප්‍රචලිතව පවතිනවා. හොදම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව වාර්තා අතරට ද එක්ව සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්