fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිහාර් ප්‍රාන්තයේ පැය 48 ක් ඇතුළත කුඩා දරුවන් 36 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 10:29

බිහාර් ප්‍රාන්තයේ පැය 48 ක් ඇතුළත කුඩා දරුවන් 36 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැය 48 ක් ඇතුළත කුඩා දරුවන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හයිපෝ ග්ලයිසීමියා හෙවත් රුධිරයේ සීනි මට්ටම පහත වැටීම හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයකින්. මෙම රෝගයට ගොදුරු වූ තවත් දරුවන් 133 දෙනෙකු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. බිහාර් ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශ කිහිපයක ජීවත් වූ අවුරුදු 15 ට අඩු දරුවන් මෙසේ රෝගී වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. සිහි මද තත්ත්වයෙන් පසුවීම, පාචනය සහ කෝමා තත්ත්වයට පත්වීම මෙම රෝගයේ ලක්ෂණයි. කෙසේ වෙතත් එකවර  දරුවන් රැසක් මෙම තත්ත්වයට ගොදුරුවීමට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ. රෝගයට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්