fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියා නායකයාගෙන් ලිපියක් ඇමරිකා ජනපතිට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 09:37

උතුරු කොරියා නායකයාගෙන් ලිපියක් ඇමරිකා ජනපතිට

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් ලිපියක් ලැබුණු බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. එය වඩාත් යහපත් සහ සුන්දර ලිපියක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

කෙසේ වෙතත් ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් ඔහු වැඩි තොරතුරු ප‍්‍රකාශ කර නැහැ. උතුරු කොරියාව සහ ඇමරිකාව අර අවස්ථා දෙකකදී සාකච්ඡා පැවැත්වුණා. න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරිම පිළිබඳවයි මුලික අවධානය යොමු වුණේ.

කෙසේ වෙතත් හැනෝල්හිදි පැවැති දෙවන සාකච්ඡාව අවසන් වුණේ එකඟතාවකින් තොරවයි. ඉදිරියේදී ද විවිධ කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. දිගු දුර බැලැස්ටික් මිසයිල හා අනෙකුත් න්‍යෂ්ටික අත්හදා බැලිම් පිළිබඳවයි අවධානය යොමු වන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo