හොංකොංහි අදත් උද්ඝෝෂණ
Related Articles
හොංකොංහි ඇතිවී තිබෙන උද්ඝෝෂණ ව්‍යාපාර අද දිනයේදීත් පැවැත්වෙනවා.
උද්ඝෝෂණය හේතුවෙන් විරෝධතාකරුවන් එරට රජයේ ගොඩනැගිලි ඉදිරිපිටට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දහස් ගණනට වැඩි ජනතාවක් උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහභාගි වී සිටිනවා. යෝජනා කෙරී ඇති උදර්පන නීතිය අනුව අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් නඩු විභාග කටයුතු සඳහා හොංකොංහි සිට චීන අධිකරණයට යැවීමට හැකිවනවා. උද්ඝෝෂකයින් සදහන් කරන්නේ මෙම නීතිය අනිසි ආකාරයෙන් භාවිත කිරීමේ අවදානමක් ඇති බවයි. මෙම පිරිස පළවාහැරීම සදහා පොලීසිය ගම්මිරිස් ප්‍රහාර සහ කදුලුගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.