fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික පොසොන් සතිය අද සිට

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 09:17

ජාතික පොසොන් සතිය අද සිට

ජාතික පොසොන් සතිය අද(12) සිට ආරම්භ වනවා. පොසොන් සති පිරිත් පින්කම අද(12) පස්වරුවේ ආරම්භ වන්නේ අනුරාධපුර ජය ශ‍්‍රි මහ බෝ සමිදුන් අභියසදී.

මෙවර එය පැවැත්වෙන්නේ 40 වන වරට. අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලේ පූජා භූමි කේන්ද්‍ර කරගනිමින් පොසොන් උත්සවය පැවැත්වෙන්නේ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව. සිතුල්පව්ව රජමහා විහාර භූමිය කේන්ද්‍ර කර ගනිමින් ද පොසොන් උත්සවය සැමරිමට කටයුතු යොදා තිබෙනවා.

ලබන 18 වනදා තෙක් සියලු රාජ්‍ය ආයතනවල සහ ගොඩනැගිලිවල බෞද්ධ කොඩි ඔසවා තබන ලෙසටත් ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉල්ලීමක් කළා. දිවයින පුරා පාසල් කේන්ද්‍ර කර ගනිමින් ද වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය චක‍්‍රලේඛයක් ද නිකුත් කළා. අද (12) සිට 16 වනදා තෙක් ආගමික ක‍්‍රියාකාරකම් ගණනාවක් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්