fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අද

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 09:24

එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අද

සාරවත් දේශයක වාපි සංග්‍රාමය එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අද පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

පුරන් කුඹුරු අක්කර තුන්දහසක් අස්වද්දමින් පවුල් දහසක කෘෂි ආර්ථිකය සවිබල ගන්වමින් වැව් අමුණු 21 ක් සංවර්ධනය කිරීම සාරවත් දේශයක වාපි සංග්‍රාමය වැඩසටහනේ අරමුණයි. මේ අනුව එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ පඩුවස්නුවර කොටකිඹුලාකඩ අමුණ අසලදීයි. එල්ලංගා පද්ධති මඟින් සබැදුණු ග්‍රාමීය වැව් දෙදහස් හාරසියයක් පිළිසකර කිරීමේ මහා වාරි ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ ආරම්භ කෙරුණේ අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයෙන්. ශ්‍රී ලංකාවට ආවේණික වූ එල්ලංගා කෘෂි තාක්‍ෂණික ක්‍රමවේදය මඟින් කෘෂි ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපතිතුමාගේ අදහසකට අනුවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2019 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්