පොසොන් උත්සවය වෙනුවෙන් අනිද්දා (13) සිට ලබන 18 වෙනිදා දක්වා සතියක කාලයක් අනුරාධපුරය අවට පාසල් 11 ක් වසාතබන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, ස්වර්ණපාලී ජාතික පාසල, වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය, ශාන්ත ජෝසප් විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය, සහිරා මහා විද්‍යාලය, මහා බෝධි විද්‍යාලය, දේවානම්පියතිස්ස මහා විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය මෙලෙස වසා තැබෙනවා. ඊට අමතරව ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලේ මහා විද්‍යාලය සහ කම්මලක්කුලම විද්‍යාලය වසාතබන බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.