fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස්පෙල ඉහළින් සමත්වන සියලු දරුවන්ට සිප්දොර ශිෂ්‍යත්ව

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 17:15

උසස්පෙල ඉහළින් සමත්වන සියලු දරුවන්ට සිප්දොර ශිෂ්‍යත්ව

මෙවර අපොස උසස්පෙල විභාගය ඉහළින් සමත්වන සියලු දරුවන්ට සිප්දොර ශිෂ්‍යත්වය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා. පුත්තලම ආණමඩුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ලක්ෂ 06 ක ජනතාවකට සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ  පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල්  16000 කට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමට නියමිතයි. එහි පළමු අදියර යටතේ පවුල් 4500 ක් සඳහා සමෘද්ධි ප්‍රදානය කීරීම අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණමඩුව සතිපොල භූමියේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 17:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo