සිය ආයතනයේ කීර්තිනාමයට හානියක් සිදු කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව සතොස ආයතනය එන්තර වාසියක් යොමු කළා. ඒ රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලමින්.
සතොස ආයතනයේ වාහන ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගත් බවට විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි එම ආයතනය පවසන්නේ. වීරවංශ මහතා සඳහන් කළ ස්ථානයකට හෝ ඔහු සඳහන් කළ දිනයකදී සතොස වාහනයක් ගමන් කර නැති බව එම ආයතනය පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් සතොස ආයතනය පොලිස්පතිවරයාට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.