fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිනබන්ග් ගිනි කන්දෙන් අලු සහ දුම් පිටවීමත් සමඟ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 16:25

සිනබන්ග් ගිනි කන්දෙන් අලු සහ දුම් පිටවීමත් සමඟ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කෙරේ

ඉන්දුනීසියාවේ සිනබන්ග් ගිනි කන්දෙන් අලු සහ දුම් පිටවීමත් සමඟ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

සිනබන්ග් ගිනිකන්ද සක්‍රිය වීම ආරම්භ වී ඇත්තේ 2010 වසරේයි. ඊයේ දිනයේදී එය විනාඩි 09 ක කාලයක් සක්‍රිය තත්ත්වයේ පැවතුණා . කිලෝමීටර් 07 ක් දක්වා   දුරකට අලු හා දුම් නිකුත් වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉදිරි දින කිහිපයේදී මෙම ගිනිකන්ද විනාශකාරී ලෙස සක්‍රිය විය හැකි බවටයි එරට කාලගුණ අංශ පවසන්නේ. ගිනිකන්ද අවට ජීවත්ව සිටින පිරිස් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා. මෙම ගිනිකන්දෙන් පිටවන විෂ දුම ආග්‍රහණය නොකරන ලෙසට ජනතාවට උපදෙස් නිකුත් කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 16:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්