fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොරොව්පතාන OICට අල්ලස් ලබාදීමට උත්සාහ කළ සැකකරු යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 15:33

හොරොව්පතාන OICට අල්ලස් ලබාදීමට උත්සාහ කළ සැකකරු යළි රිමාන්ඩ්

හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට උත්සාහ කිරිමේදී අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ජාතික තවුහිත් ජමාද් සංවිධානය සමග සබදතා පැවැත්වු බවට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නිදහස් කරගැනීමටයි ඔහු ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට උත්සාහ කළේ. එම සැකකරු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද (11) ඉදිරිපත් කලා. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසටයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඇප ලබාදීම සම්බන්ධයෙන් නියෝගය එළඹෙන 18 වනදා ලබාදෙන බව එහිදී මහේස්ත‍්‍රාත්වරිය දැනුම් දුන්නා. මෙසේ රක්ෂිත බන්ධනාගාරගතකර ඇත්තේ මුක්කරවැව ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 15:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්