එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
ඒ හේතුවෙන් තරගය ප්‍රමාද වී ආරම්භ වනු ඇති. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන හතරවන තරගය මෙයයි. මෙම තරගයෙන් අනතුරුව ලසිත් මාලිංග යළි මෙරටට පැමිණීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ඒ ඔහුගේ පවුලේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවිම සඳහායි. ලසිත් මාලිංග ලබන 15 වනදා ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයට යළි සහභාගී වනු ඇති.