fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙළි නොකළ වත්කම් හෙළිකිරීම සඳහා පකිස්ථාන ජනතාවට ලබන තිස්වනදා දක්වා කල් ලබාදෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 15:04

හෙළි නොකළ වත්කම් හෙළිකිරීම සඳහා පකිස්ථාන ජනතාවට ලබන තිස්වනදා දක්වා කල් ලබාදෙයි

හෙළි නොකළ වත්කම් හෙළිකිරීම සදහා පකිස්ථාන ජනතාවට ලබන තිස්වනදා දක්වා කල් ලබා දී තිබෙනවා.පකිස්තාන අග්‍රාමාත්‍යවරයායි මෙම කාලය ලබා දී තිබෙන්නේ.

වංචා සහගත ලෙස ලඟ තබා ගෙන ඇති වත්කම් බැංකු ගිණුම් හා විදේශවල ඇති මුදල් පිළිබඳ දැනුම්දීම සදහා මෙම කාලය  ලබා දී ඇති බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසනවා. රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම  මෙහි අරමුණ බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ලබන 30 වනදාට පෙර මෙම වත්කම් හෙළි නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.අයතා ලෙස වත්කම් ළග තබා ගෙන සිටින පුද්ගලයින් පිළිබඳ සියලුම විස්තර හෙළිකර ගෙන ඇති බවය ආරක්ෂක අංශ පවසනවා. ඒ හේතුවෙන් වැරදි නිවැරදි කර ගැනීම සදහ මෙම කාලය යොදා ගන්නා ලෙස  පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 15:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්