ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්රධානී කුසුමදාස මහානාම හා රාජ්ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක යන අයට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බව අල්ලස් කොමිෂන් සභාව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්ර සූත්ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබදීම සඳහා ඉන්දීය සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54 ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 02 ක් ලබා ගත් කිය සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ අද කැඳවනු ලැබුවා. සැකකරුවන් සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ අවසන් බව අල්ලස් කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන්නා. නඩුව සැප්තැම්බර් මස 10 වනදා යළි කැඳවීමට නියමිතයි.