කුසලතා සහ ශිල්පීය දක්ෂතා ඉහළ නැංවීමට රජයක් ලෙස සියලු පියවර ගන්නවා
Related Articles
කුසලතා සහ ශිල්පීය දක්ෂතා ඉහළ නැංවීමට රජයක් ලෙස සියලු පියවර ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පල කළා.
ජාත්‍යනත්ර සම්මාන උළෙලවලදී විශේෂ සම්මානවලට පාත්‍ර වූ සිනමාවේදීන් සහ නිර්මාණ මෙන්ම සෙසු ක්ෂේත්රවල විශේෂ දක්ෂතා දැක්වූවන් ඇගයීම මෙහිදී සිදු කෙරුණා. ඔවුන්ට මුදල් ත්‍යාග පිරිනැමීම සිදු වුණේ ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. ජාතික චිත්‍රපට සංස්ථාව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධාන කළා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි හා සංස්කෘතික කටයුතු අධ්යක්ෂ අනුෂා ගෝකුල මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.