fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමෘද්ධි දෙන්නේ යැපුම් මානසිකත්වයෙන් මිදී ජීවිත ගොඩනගා ගන්න

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 13:20

සමෘද්ධි දෙන්නේ යැපුම් මානසිකත්වයෙන් මිදී ජීවිත ගොඩනගා ගන්න

සමෘද්ධි ලබා දෙන්නේ යැපුම් මානසිකත්වයෙන් මිදී ජීවිත ගොඩනගා ගැනීමට බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.

නගුල්එළිය ප්‍රදේශයේ ඉදිකළ සමෘද්ධි වාසනා නිවාස ගම්මානය ජන අයිතියට පවරමින් ඒ මහතා මේ බව කියා සිටියා.

හලාවත ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නගුල්එළිය ප්‍රදේශයේ ඉදිකළ නිවාස 26 කින් සමන්විත සමෘද්ධි වාසනා ගම්මානය ජනතා අයිතියට පත් කෙරුණා. අක්කර 10 ක භූමි ප්‍රදේශයකින් ගම්මානය සමන්විතයි. එහි අභ්‍යන්තර මාර්ග පද්ධතියද තාර අතුරා සකස් කර තිබෙනවා. විදුලිය, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලු පහසුකම්වලින් මෙය සමන්විතයි. මීට පෙර වෙරළාසන්න පොල් අතු නිවාසවල වාසය කළ බොහෝ පිරිසකට මෙමගින් සෙත සැලසෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 13:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්