දේශීය ඖෂධ වටිනාකම් අනාගත පරපුරට ගෙන යාමේ අරමුණින් දේශීය ඖෂධ සංග්‍රහයක් සකස් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට වසර 50 ක් සපිරීම වෙනුවෙන් පැවති උත්සවවයට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/NeIQ30HfpbQ”]
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නාවින්න් ප්‍රදේශයේ පිහිටවනු ලැබුවේ 1969 වසරේයි. ඊට වසර 50 ක් සපිරීමට සමගාමීව ඖෂධ සංස්ථාවේ නව ශ්‍රවනාගාරය සහ ආපනශාලාව විවෘත කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. දේශීය ඖෂධ නිෂ්පාදන අලෙවි කිරීම වෙනුවෙන් සතොස ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරුණා.