fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවුරුදු 21න් පහළ බාලිකා හොකි ශුරතාව වෙන්නප්පුවට

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 10:35

අවුරුදු 21න් පහළ බාලිකා හොකි ශුරතාව වෙන්නප්පුවට

ශ්‍රී ලංකා හොකි සම්මේලනය පළමුවරට සංවිධානය කළ අවුරුදු 21න් පහළ බාලිකා හොකි ශුරතාව දිනා ගැනිමට වෙන්නප්පුව දිස්ත්‍රික් හොකි කණ්ඩායම සමත් වුණා.

කොළඹ කෘත්‍රිම හොකි පිටියේදී අවසන් මහා තරගය පැවැත්වුණා. ඒ මහනුවර සහ වෙන්නප්පුව දිස්ත්‍රික් හොකි කණ්ඩායම් අතරයි. එම තරගයෙන් ලකුණු 02ට 01ක් ලෙස වෙන්නප්පුව දිස්ත්‍රික් හොකි කණ්ඩායම ශුරතාව දිනා ගැනිමට සමත් වුණා. තරගාවලියේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස වෙන්නප්පුව දිස්ත්‍රික් හොකි කණ්ඩායම නියෝජනය කළ කේ ආර් එස් ප්‍රනාන්දු සම්මාන දිනා ගත්තා. පි එන් කුෂාණි දක්ෂතම දැල්පන්දු රකින්නිය ලෙස සම්මානය ලබා ගත්තා. තරගාවලියේ අනුශුරතාව හිමිවුයේ  මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමටයි. කොළඹ දිස්ත්‍රික් හොකි කණ්ඩාහම  තුන්වන ස්ථානය හිමි කරගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 10:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්