මෙරට ආර්ථිකයට පසුගිය වසර කිහිපය තුලදී ප්‍රබල අභියෝග රැසක් එල්ල වුවද වත්මන් රජයේ නිසි ආර්ථික සැලැස්ම සහ උපායමාර්ගික වැඩපිළිවෙළ හේතුවෙන් ආර්ථිකය ශක්තිමත් අඩියක පවත්වා ගැනීමට හැකි වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/kdR64fzWl1E”]
රජය සතු ව්‍යවස්ථාපිත ආයතන 10 ක් සමග සාමූහික අභිලාශ ප්‍රකාශය අත්සන් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවති උත්සවයකදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. රජයේ ව්‍යවස්ථාපිත ආයතන, මහාභාණ්ඩාගාරයේ මහජන මුදලින් නඩත්තු කිරීමෙන් තොරව ස්වාධීන ආයතන බවට පත් කිරිම මෙම වැඩපිළිවෙළ් අරමුණක්. එසේම එම ආයතනවල කාර්ය සාධනය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට ද අපේක්ෂිතයි.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මිල්කෝ සමාගම, රාජ්‍ය දැව සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය, ලංකා සතොස සමාගම හා රාජ්‍ය වැවිලි සමාගම සාමූහික අභිලාශ ප්‍රකාශයට අත්සන් තැබුවා.
මෙම අදාළ ආයතන තවදුරටත් ලාභ ලබන සාර්ථක ව්‍යාපාර බවට පත් කිරීම මෙහි අරමුණයි. සර්ව ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සදහා වානිජමය හැකියාවකින් යුතුව ක්‍රියා කිරීමට හැකි පරිසරයක් මෙම ආයතන තුළ නිර්මාණය කිරීම මෙහිදී සිදුවනු ඇති. වසර 3 ක් තුළ අදාළ ආයතන තවදුරටත් සාර්ථකත්වය කරා යොමු කිරීමට අමතරව තවත් ආර්ථික අරමුණු රැසක් සපුරා ගැනීම මෙහි අරමුණයි. දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමෙන් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා උපායමාර්ගික වැදගත්කමක් ඇති රාජ්‍ය ආයතන වෙත සාධනීය ලෙස දායක වීමට සාමූහික අභිලාෂ ප්‍රකාශය මගින් හැකියාව ලැබෙනු ඇති බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/c0SFJK0Y-lA”]
වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සදහා දායකත්වය ලබා දුන් සියලු පාර්ශ්වවලට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් තිලකා ජයසුන්දර මහත්මිය ස්තූතිය පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Pyx1AoOCTg4″]