fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලි රාජ්‍යයේ ගම්මානයකට කඩා වැදුණු කණ්ඩායමක් අනූපස් දෙනෙකුට ආසන්න පිරිසක් මරා දමයි

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:59

මාලි රාජ්‍යයේ ගම්මානයකට කඩා වැදුණු කණ්ඩායමක් අනූපස් දෙනෙකුට ආසන්න පිරිසක් මරා දමයි

මාලි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේ ගම්මානයකට කඩා වැදුණු කණ්ඩායමක් අනූපස් දෙනෙකුට ආසන්න පිරිසක් මරා දමා තිබෙනවා.

මාලි රාජ්‍යයේ ඩොගොන් ගම්මානයේයි මෙම සිදුවීම වාර්තා වන්නේ. පසුගිය ජනවාරි මාසයේ සිට ගම්වැසියන් සහ මෙම අන්තවාදී කණ්ඩායම අතර දිගින් දිගටම ගැටුම් පැවතුණා. ඊයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ගම්වැසියන් සහ මෙම අන්තවාදී කණ්ඩායමේ පිරිසකුයි ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ සාම හමුදා මැදිහත්වීමෙන් මේ වන විට එම ගම්මානයේ තත්ත්වය පාලනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්