fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා – බංගලාදේශ තරගය අද

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:47

ශ‍්‍රී ලංකා – බංගලාදේශ තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගය  අද පැවැත්වෙනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන හතරවන තරගය මෙරට වේලාවෙන් පස්වරු තුනට බ්‍රිස්ටල්හිදී ආරම්භ වනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය නවසීලන්තය හමුවේ පරාජයට පත් වූ අතර දෙවන තරගයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව තියුණු  ජයක් වාර්තා කිරිමට සමත් වුණා. තුන්වන තරගය පාකිස්තානයට එරෙහිව පැවැත්විමට නියමිත තිබුණද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා. බංග්ලාදේශය මෙවර තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ තරග තුනෙන් එක් තරගයක් පමණක් ජය ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වන විට එක්දින ක්‍රිකට් තරග 45ක් පවත්වා ඇති අතර ඉන් තරග 36ක ජය ශ්‍රී ලංකාවට හිමි කර ගැනිමට සමත්ව තිබෙනවා. ඉන් තරග 07ක ජය හිමි වුණේ බංග්ලාදේශයටයි. තරග දෙකක් ජයපරාජයෙන් තොරව අවසන් වුණා.  පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට සතියක පමණ කාලයක් විවේක ගැනිමට සිදුව තිබෙනවා. ඒ හේතුවෙන්  බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ඔහුට අහිමි වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙල පිතිකරු ළහිරු තිරිමාන්න ද පුහුණුවිම් අතරතුරදී දණහිසේ අබාධ තත්ත්වයකට ලක්ව තිබෙනවා.  ඒ අනුව අද තරගයේදී ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදු විය හැකි බවටයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක  ශකිබ් අල් හසන්ට ද එංගලන්තය එරෙහිව පැවති තරගයේදී  අබාධයට ලක්විම හේතුවෙන් අද තරගය අහිමිවිමේ වැඩි අවස්ථාවක් පවතින බවයි වාර්තා වන්නේ. අද  තරගය සදහා ද වර්ෂාවෙන් බලපෑම් එල්ල විය හැකි බවටයි එරට කාලගුණ අංශ සදහන් කරන්නේ. කෙසේ වෙතත් තරගය සම්පුර්ණයෙන්ම අතහැර දැමිමේ අවධානමක් මතු නොවන බවයි එරට කාලගුණ අංශ වැඩිදුරටත් සදහන් කරන්නේ.

මේ අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති 15 වන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා. සවුත්හැම්ටන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර හතයි පන්දු තුනක් අවසානයේ කඩුලු 02ක් දැවි ලකුණු 29ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්