ඇමෙරිකා රාජ්ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්රී ලංකාවේ නිල සංචාරක නිරතවීමට සූදානමින් සිටින බව ඇමෙරිකා රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. රාජ්ය දෙපාර්තමේන්තු ප්රකාශිකා මෝගන් ඕටෙගස් ප්රකාශ කළේ ඉන්දීය සංචාරයකින් අනතුරුව රාජ්ය ලේකම්වරයා ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.
ඇමෙරිකා රාජ්ය ලේකම්වරයා ලබන24 වනදා ඉන්දියාවට පැමිණීමට නියමිතයි. ලබන 24 වනදාත් 30 වනදාත් අතර කාලය තුළ සිදු කෙරෙන මෙම සංචාරය අතරතුරදී රාජ්ය ලේකම්වරයා ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බවයි රාජ්ය දෙපාර්තමේන්තුව ප්රකාශ කරන්නේ. පාස්කු ඉරිදා ප්රහාරයෙන් පසු ශ්රී ලංකාවට ලබාදිය හැකි සහාය පිළිබඳවද ඇමෙරිකා රාජ්ය ලේකම්වරයා අදාළ අංශ සමඟ සාකච්ඡා කරනු ඇති. ශ්රි ලංකා සංචාරයෙන් අනතුරුව ඇමෙරිකා රාජ්ය ලේකම්වරයා ජපානයේ සංචාරයක නිරතවීමට නියමිතයි. ඒ ජී 20 රාජ්ය නායක සමුළුවට සහභාගීවීම සදහායි.