fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:44

අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ එක්වුණා. එහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කර අගෝස්තු 31 වනදා වන විට ජනතා අයිතියට පැවරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටියදී කළ ඉල්ලීමක් මෙන්ම එතුමාගේ අවමංගල්‍යය උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබා දුන් පොරොන්දුවකට අනුව එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2017 වසරේ අගෝස්තු 28 වනදායි. බත්තරමුල්ල අපේගම පරිශ්‍රයට ආසන්නයේ නාගරික සංවර්ධන් අධිකාරියට අයත් පර්චස් 120 භූමියක සංගීත අසපුව ඉදිකෙරෙනවා. වැය  කෙරෙන මුදල රුපියල් මිලියන 200 ක්.

පුස්තකාලයක් , ලේඛනාගාරයක් , කෞතුකාගාරයක් , සම්මන්ත්‍රණ ශාලාවක් , ශබ්දාගාරයක් මෙන්ම එළිමහන් රගහලකින් ද මෙය සමන්විතයි. සමස්ත ජනතාවගේ ගෞරවාදාරයට පාත්‍ර වූ මහා ගාන්ධර්වයන් වන පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට සිදු කළ අනුපමේය දායකත්වය සිහි ගන්වමින් මෙම අසපුව ඉදි කෙරෙනවා. එතුමාගේ සංගීත නිර්මාණ හා සංගීත සම්ප්‍රදාය සංරක්‍ෂණය කර අනාගත පරපුර වෙත දායාද කිරීම ද මෙහි අරමුණක්. මහාචාර්ය සුනිල් ආරියරත්න , ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර යන මහත්වරුන් මෙන්ම විමලා අමරදේව , රංජන් අමරදේව යන මහත්ම මහත්මීන් ද මෙම නිරීක්‍ෂණ චාරිකාවට සහභාගි වුණා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo