fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය වෙරළ ආරක්ෂකයන් සීරුවෙන්

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:40

ඉන්දීය වෙරළ ආරක්ෂකයන් සීරුවෙන්

වෙරළ ආරක්ෂක භටයන් සීරුවෙන් තැබීමට ඉන්දියාව තීරණය කළා.

චණ්ඩ මාරුතයකින් බලපෑම් එල්ලවීමේ අවධානම ඉහළ යාමයි ඊට හේතුව. ගුජරාට් ඇතුළු ප‍්‍රදේශ ඊට අයත්. නාවිකයන්ට හා ධීවරයන්ට ද ඔවුන් අනතුරු ඇඟවීම් සිදු කර තිබෙනවා. නාවික යාත‍්‍රා සහ ගුවන් යානා ස්ථාන ගතකිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. වෙරළ ආශ‍්‍රිතව ජීවත් වන ජනතාව ද දැනුවත් කර තිබෙනවා. මේ වනවිටත් මුහුදු ප‍්‍රදේශවල සිටින ධිවරයන්ට නැවත පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. වරායේ නවතා ඇති යාත‍්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්