වඩු කර්මාන්තය නවිකරණය කිරිම සඳහා රජයේ උපරිම සහාය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
ඒ පිළිබඳ දැනුම වෙනත් රටවලටත් ලබාදීමයි අරමුණ. කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළකළේ මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයන් හා දේශපාලනඥයන් පිරිසක් අතර පැවති සාකච්ඡාවකදී. වඩු කර්මාන්තය සුරක්ෂිත කරන අතර වන වගාව පුළුල් කිරීමටත් පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.