fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්දින ලෝක කුසලාන තරගාවලියේ 14වන තරගයේ ජය ඉන්දීය කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 19:36

එක්දින ලෝක කුසලාන තරගාවලියේ 14වන තරගයේ ජය ඉන්දීය කණ්ඩායමට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 14වන තරගය ජයග්‍රහණය කිරිමට ඉන්දිය කණ්ඩායම සමත් වුනා.

ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 36කින් පරාජයට පත් කරමින්. ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දිය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඉන්දිය  කණ්ඩායමට ප්‍රබල ආරම්භයක් ලබා දුන් රෝහිත් ෂර්මා සහ ශික්ර් ධවාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 127ක සබදතාවක් ගොඩනැගුවා. ශිකර් ධවාන් 117ක් ඉනිමට එක් කළා. එය ඔහුගේ 17වන ශතකයද වනවා. නායක විරාත් කෝලි ලකුණු 82යි. ඉන්දිය ඉනිම තවත් ශක්තිමත් කළ හර්ඩික් පාන්ඩියා පන්දු 27කින් ලකුණු 48ක් රැස් කළා. මේ අනුව ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනානයේ  කඩුලු 05ක් දැවි ලකුණු 352ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී ලබා ගත හැකි වුයේ සියලු දෙනා දැවි ලකුණු 314ක් පමණයි. ඩේවිඩ් වෝනර් ලකුණු 56ක්ද ස්ටීවන් ස්මිත් ලකුනු 69ක් ලබා ගත්තා. පන්දුයැවිමේදී ජෙස්ප්‍රිට් බුම්රා සහ බුවනේෂ්වර් කුමාර් කඩුලු 03 බැගින් බිද හෙලුවා.  මෙම තරගයේදී එක් අවස්ථාවකදී ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත් හතරේ සීමාව වෙත පැමිණ පන්දු රකිමින් සිටියදී ඉන්දිය ප්‍රේක්ෂයින් ඔහුව ස්ච්ජලයට  හා නින්දාවට පත් කරමින් කටයුතු කළා. කෙසේ වෙතත් එහිදි වහා ක්‍රියාත්මක වූ ඉන්දිය විරාත් කෝලි සිය ප්‍රේක්ෂකයින්ගේ ක්‍රියාවට දැඩි විරෝධය පළ කරමින් පළ කර සිටියේ ස්ටිවන් ස්මිත්ට අත්පුඩි ගසන ලෙස ඉල්ලමින්. සිද්ධිය සම්බන්ධයෙන් විරාත් කෝලි ස්මිත්ගෙන් සමාව ප්‍රකාශ කර තිබෙනවා. එය මහත්වරුන්ගේ ක්‍රිඩාවේ ජිවගුණ නිරූපණය කල අවස්ථාවක් බවයි ක්‍රිඩා විචාරකයින් පවසන්නේ.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පහලොස්වන තරගය‍ මෙයයි. සවුත්හැම්ටන්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 28ක් තුලදී බිද වැටුනා. හෂිම් අම්ලා ලකුණු 06යි. එඩින් මාක්‍රම්ට ලබා ගත හැකිවුයේ  ලකුණු 05ක් පමණයි.  අනතුරුව පිටියට පිවිසි නායක ෆෆ් ඩුප්ලෙසිස් ක්වින්ටන් ඩී කොක් සමග එක්ව ඉනිම ගොඩනැගුවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 19:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්