ජාතීන් අතර වෛරය, ආගම්වාදය හා ජාතිවාදය වැපිරීමට විරෝධය පළ කරමින් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අවෛරයේ හෝරාව නමින් සාමකාමී විරෝධතාවක් අද පැවැත්වූවා.
ඒ මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදීයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනුයි සාමකාමී විරෝධතාව ක්‍රියාත්මක කෙරුණේ. මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන නායකයින් හා ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියා. පැවති අධික වර්ෂාව ද නොතකමින් ජනතාව වැඩසටහනට එක් වූ අතර මංගල සමරවීර මහතා ද වර්ෂාව මධ්‍යයේම ඔවුන් සමග විරෝධතාවට එක්වුණා. ජාතීන් අතර සමගිය ගොඩනැගෙන ආකාරයේ ප්‍රකාශ ඇතුළත් බැනර් ප්‍රදර්ශනය කරමින් ජනතාව අවෛරයේ හෝරාව වැඩසටහනට එක්වුණු ආකාරය දැක ගැනීමට ලැබුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=zakQMSFxdLI&feature=youtu.be&fbclid=IwAR2JnxaRCX1rgJi4R4KNkwVBelqtHMf2UM2gAesvcHk1t7PEIV_ppe74OTk”]