3 වන වරට පැවැත්වීමට නියමිත ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. එහිදී ඉදිරිපත් වූ නිර්දේශිත නාමයන් අතර වසරේ කුසලතා පූර්ණ ගුවන්විදුලි ක්රීමඩා වැඩසටහන ලෙස ITN FM කෙළිබිම වැඩසටහන නිර්දේශයට පාත්‍රා වී තිබෙනවා.
ජනාධිපති ක්‍රිඩා සම්මාන උළෙල ජනාධිපති මෛත්රීයපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී. 2017 වසරේ ආරම්භයේ සිට 2018 වසරේ අවසානය දක්වා ක්‍රීඩක ක්‍රිඩිකාවන් දැක් වූ දක්ෂතා සදහා සම්මාන ප්රදානය කිරිමටයි මෙහිදී කටයුතු කෙරෙන්නේ. ක්‍රිඩා ජනමාධ්‍යවේදීන් ඇතුළු ක්‍රිඩාවට සම්බන්ධ ප්‍රවීනයන්, විශිෂ්ටයන් ඇගයීමටද මෙහිදී කටයුතු කෙරෙනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=dUJqrJZgoME&feature=youtu.be&fbclid=IwAR3PfU9cJzixLoTYMHnIPDdodIu5muGfT_GVJu_4NL7tVXtm4aWo6gcFMVE”]