fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චෛත්‍ය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙනවා

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 19:11

චෛත්‍ය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙනවා

දිවයිනේ විහාරස්ථාන එක්දහස් එකසිය විසිපහක චෛත්‍ය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තම පියාණන් වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අනුස්මරණය කරමින් මෙම කටයුතු සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අනුරාධපුර නාච්චදූව ශ්‍රාවස්තිපුර ශ්‍රී ස්වර්ණ ජයන්ති විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය සසුනට පූජා කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පුන්‍යෝත්සවය සිදුකෙරුණා. සසුනට අරුණ වැවයි දාගැබයි ගමයි පන්සලයි වැඩසටහන යටතේයි මෙම චෛත්‍ය ඉදි කෙරුණේ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ ඇතුලු මහා සංඝරත්නය ද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, හේමා ප්‍රේමදාස යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්වුණා.

මේ අතර මීරිගම ලොලුවාගොඩ විජය රාජාරාම විහාරස්ථානයේ චෛත්‍ය ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ලබන 23 වනදාට යෙදෙන රණසිංහ ප්‍රේමදාස මහතාගේ 94 වන ජන්ම දින සැමරුමට සමගාමීව චෛත්‍ය නොමැති විහාරස්ථාන 25 ක චෛත්‍ය ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. චෛත්‍යයක ඉදිකිරීම් සඳහා රුපියල් ලක්‍ෂ 40 ක් වැය කෙරෙන අතර දානපතීන්ගේ ආධාර ද ලබා ගැනෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 19:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්