බෞද්ධ විහාරස්ථාන වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කළ එකම රජය වත්මන් රජය බව වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.
මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන දෙමහල් භික්ෂු නේවාසිකාගාරය සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. රුපියල් කෝටි 26 ක වියදමින් නව නේවාසිකාගාරය ඉදිකෙරෙනවා. අමාත්‍ය සාගල රත්නායක මහතාගේ දේශපාලන දිවියට 20 වසරක් පිරීම නිමිත්තෙන් මහා සංඝරත්නාය සෙත් පිරිත් දේශනාවක් පවත්වා අමාත්‍යවරයා වෙත ආශිර්වාද කිරීමද සිදු වුණා. දෘෂ්‍යාබාධිත සිසුවියක් සඳහා බ්‍රේල් යන්ත්‍රයක් පිරිනැමීමට ද අමාත්‍යවරයා කටයුතු කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=inhIUVpzSS8&feature=youtu.be&fbclid=IwAR3RBS-WncVIVxBciGOih6RF11AnwEqmRpXhU3_-qVU1ObFT2eF3QtgzJHk”]