fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 22 කට පසු හොංකොං හි විශාලතම උද්ඝෝෂණය

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 18:06

වසර 22 කට පසු හොංකොං හි විශාලතම උද්ඝෝෂණය

මතභේදකාරී උදර්පන නීතිය හකුලා ගැනීමට තමන් සූදානම් නොමැති බව හොංකොං නායිකා කැරී ලෑම් පවසනවා.

හොංකොංහි ඇතිවී තිබෙන උද්ඝෝෂණ ව්‍යාපාර හේතුවෙන් දේශපාලන අර්බුදයක් මේ වනවිට නිර්මාණය වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. දසලක්ෂයකට වැඩි ජනතාවක් උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහභාගි වුණා. 1997 වසරේ හොංකොං දේශය බ්‍රිතාන්‍ය පාලනයෙන් චීනය වෙත පැවරීමෙන් පසු ඇතිවූ විශාලතම උද්ඝෝෂණය ලෙස මෙය හැදින්වෙනවා. යෝජනා කෙරී ඇති උදර්පන නීතිය අනුව අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් නඩු විභාග කටයුතු සදහා හොංකොංහි සිට චීන ප්‍රධාන භූමියට යැවීමට හැකිවනවා. උද්ඝෝෂකයින් සදහන් කරන්නේ මෙම නීතිය අනිසි ආකාරයෙන් භාවිත කිරීමේ අවදානමක් ඇති බවයි.

කෙසේ වෙතත් හොංකොං නායිකා කැරී ලෑම්ගේ අදහස වන්නේ මානව හිමිකම් ආරක්ෂාකර ගැනීමට නම් යෝජිත උදර්පන නීතිය අත්‍යවශ්‍ය වන බවයි. කැරී ලෑම් අවධාරණය කරන්නේ හොංකොං දේශය අත්විදිමින් සිටින නිදහස හෝ දේශසීමා කිසිදු ආකාරයකින් නව නීතිය මගින් උල්ලංඝනය නොවන බවයි. එසේම එම නීති සකස් කිරීම චීන මධ්‍යම රජය ආරම්භ කරන ලද්දක් නොවන බවද ඇය කියා සිටියා. 1841 වසරේ සිට හොංකොං දේශය මහා බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පාලනය වුණා. පසුව 1997 වසරේදී එය චීනයට භාර කෙරුණා. කෙසේ වෙතත් හොංකොං දේශය තමන්ට අනන්‍ය වූ ව්‍යවස්ථාවක් සහ ස්වයං නිර්ණ බලයක් සහිත පාලන ප්‍රදේශයක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 18:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්