fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හයිටියේ උද්ඝෝෂණ අතුරතුර ගැටුම් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 15:11

හයිටියේ උද්ඝෝෂණ අතුරතුර ගැටුම් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

හයිටි ජනාධිපති ජේවනෝල් මොයිස් ධුරයෙන් ඉවත් කිරීමට විරුද්ධව එරට ජනතාව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

එම උද්ඝෝෂණ අතුරතුර ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. උද්ඝෝෂකයින් පොලිස් වාහන දෙකකට සහ ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා විනාශ කර තිබෙනවා. කලහකාරී සිද්ධීන්ට සම්බන්ධ  පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි හයිටි පොලීසිය සදහන් කළේ. ටයර් පුළුස්සමින් ,පොලීසියට ගල් ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවයි වාර්තා වන්නේ. හයිටියේ ප්‍රදේශ රැසකම විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්