fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

21 ප්‍රහාරය ගැන සොයන විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 14:37

21 ප්‍රහාරය ගැන සොයන විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි

අප්‍රේල් 21 පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනාධිපතිතුමා වෙත අද භාර දුන්නා.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාර දෙනු ලැබුවේ ජනාධිපති නිල නිවසේදීයී. ඒ පරික්ෂණ මණ්ඩලයේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අතින්. පරික්ෂණ මණ්ලයේ සෙසු සාමාජිකයන් වන හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ද ඊට එක්ව සිටියා.

අහිංසක ජීවිත රැසක් බිලිගත් මෙම බරපතල ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු , එහි පසුබිම හා අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබද කරුණූ සොයා බැලීම සදහා ජනාධිපතිතුමා මෙම පරික්ෂණ මණ්ඩලය පත් කළේ අප්‍රේල් 22 වනදායි. එම පරික්ෂණ කටයුතු අදියර දෙකකින් සමන්විත වුණා. ඒ අනුව පරික්ෂණ කටයුතුවල අතුරු වාර්තා දෙකක් ජනාධිපතිතුමා වෙත මීට පෙර භාරදෙනු ලැබුවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්