fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණයට විරෝධය පළකරමින් කසකස්ථාන වැසියන් උද්ඝෝෂණවල

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 11:51

ජනාධිපතිවරණයට විරෝධය පළකරමින් කසකස්ථාන වැසියන් උද්ඝෝෂණවල

කසකස්ථානය ජනාධිපතිවරණයට විරෝධය පළකරමින් එරට වැසියන් දහස් ගණනක් උද්ඝෝෂණවල නිරත වනවා.

වසර 30 කට පසුවයි කසකස්ථානයට නව ජනාධිපතිවරයෙකු තේරී පත්වුණේ. 1990 වසරේ සෝවියට් සමූහාණ්ඩුව බිදවැටීමත් සමඟ එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ නර්සල්ටාන් නසබායෙස් පසුගිය මාර්තු මාසය වන තෙක්ම ජනාධිපති ධුරය දැරුවා. හදිසියේම ඔහුගේ ඉල්ලා අස්වීමත් සමඟ ඔහු විසින් නම් කරන ලද කසීම් ජෝර්මාට් ටොකායෙෆ් ජනාධිපතිවරයා ලෙස මැතිවරණයෙන් තේරී පත්වුණා. එහෙත් ජනතාව පවසන්නේ මෙය නීතිවිරෝධී මෙන්ම දූෂිත මැතිවරණයක් බවයි.

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්