fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍රවූ සිනමාකරුවන්ට රජයෙන් ඇගයීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 11:45

ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍රවූ සිනමාකරුවන්ට රජයෙන් ඇගයීමක්

ජාත්‍යන්තර සම්මානයට හා ඇගයීමට පාත‍්‍රවූ දේශීය සිනමාකරුවන්ට මූල්‍ය පරිත්‍යාග පිරිනැමීම අද පස්වරු දෙකට සිදුකෙරෙනවා. ඒ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ජාතික චිත‍්‍රපට සංස්ථාව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්වයි එය සංවිධාන කරන්නේ. නීටා ප‍්‍රනාන්දු මහත්මිය, නිල්මිණි සිගේරා මහත්මිය, කුමාර කරව්දෙණිය මහතා, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා, රංග බණ්ඩාරනායක මහතා සහ ඩී නිශාදි රුවන්වැලි මහත්මිය එහිදී ඇගයීමට ලක්කරන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. අතුල පීරිස් මහතා සහ ආර් එම් ශිරාන් රත්නායක මහතා ද මෙහිදී ඇගයීමට ලක්කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 11:45

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්