fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර්පාසල් ලීග් රග්බි: ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවති තරගයේ ජය සාන්ත පීතර විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 10:47

අන්තර්පාසල් ලීග් රග්බි: ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවති තරගයේ ජය සාන්ත පීතර විද්‍යාලයට

අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවති තරගය ලකුණු 32ට 07ක් ලෙස ජය වාර්තා කිරිමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල කණ්ඩායම සමත් වුණා.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල ක්‍රිඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට පීතර  ක්‍රිඩකයින් ලකුණු 20ක් ලබා ගත්තා. මහනුවර ත්‍රිත්ව විද්‍යාල ක්‍රිඩකයින්ට එම අර්ධයේදී ලකුණු රැස් කිරිමට හැකියාවක් ලැබුණේ නැහැ. උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ දෙවන අර්ධය  නිමා වන විට බම්බලපිටිය සාන්ත පිතර විද්‍යාල කණ්ඩායම ලකුණු 32ක් ලබා සිටියා. ඊට උත්සාහක ගෝල දිනුම් 05ක්, ප්‍රවර්තන 02ක් සහ දඩුවම් පහරක් ඇතුලත්. එම අර්ධයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායමට ලබා ගත හැකි වුණේ  ලකුණු 07ක් පමණයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 10:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්