දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලත්තර සුමනජෝති ස්වාමීන්වහන්සේ අපවත් වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිලිබඳ ආදාහන පූජෝත්සවය ලබන බදාදා සිදු කිරීමට නියමිතයි.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය පල්ලත්තර සුමනජෝත් ස්වාමීන්වහන්සේ අපවත්වන විට 95 වන වියෙහි පසු වුණා. සාසනික මෙන්ම සමාජීය මෙහෙවර රැසක් කළ උන්වහන්සේ යති පරපුරක් නිර්මානය කිරීම වෙනුවෙන් ද දායකත්වය ලබා දුන්නා. 1941 වසරේදී මුල්කිරිගල රජමහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් පල්ලත්තර සුමනජෝති ස්වාමීන්වහන්සේ ග්රන්ථ රැසක්ද රචනා කර තිබෙනවා. මූලගිරි මහාවංශය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, වාග් විද්‍යාත්මක සිංහල ව්‍යාකරණ යන ග්රන්ථ විශේෂ වනවා.
ආචාර්යවරයකු මෙන්ම විදුහල්පතිවරයකු ලෙස කටයුතු කළ උන්වහන්සේ කුඹල්වැල්ල ශ්‍රී රේවත පරිවෙනාධිපති ලෙස පත්වුණේ 1982 වසරේදීයී. රත්මලාන පරිවෙනාචාර්ය අභ්‍යාස විද්‍යාලයේ ආයතනාධිපති ලෙසද කටයුතු කළ සුමනජෝති ස්වාමින්වහන්සේ 2012 වසර සිට මේ දක්වාම රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය දැරුවා. අපවත් වී වදාළ අතිපූජ්‍ය පල්ලත්තර සුමජෝති ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහය පිලිබද ආදාහන පූජෝත්සවය ලබන බදාදා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතයි.