ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා දිවයිනට අද පැමිණියා. කටුනායක ගුවන්තොටුපලේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි පළමු රාජ්‍ය නායකයා වන්නේ ද නරේන්ද්‍ර මෝදි මහතායි. ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් බව ලෝකයට ප්‍රදර්ශනය කරමින් ආසියාවේ ප්‍රභලතම රාජ්‍ය නායකයාගේ මෙරට සංචාරය සුවිශේෂී අවස්ථාවක් වනවා.
ඉන්දු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණයි. දෙවන වරටත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු නරේන්ද්‍ර මෝදි මහතා පළමු රාජ තාන්ත්‍රික හමුවට එක් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟයි. එහිදී කළ ආරාධනයකට අනුවයි නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ .දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපලේදී පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු දූත පිරිස කැඳවාගෙන ඒමෙන් පසු පිළිගැනීමේ විශේෂ උත්සවය පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ත්‍රිවිද හමුදා උත්තමාචාර මධ්‍යයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම උත්කර්ශවත්ව මෙන්ම අභිමානවත්ව සිදු කෙරුණා.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ විජයබා පාබල රෙජිමේන්තුව ආචාර වෙඩි මුර 19 කින් යුක්ත සම්මාන මුරයක් පවත්වා අග්‍රාමාත්‍යවරයකු වෙනුවෙන් පිරිණැමෙන ඉහළම ගෞවරයද මෙහිදී පුද කෙරුණා. ජනාධිපතිතුමා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැතිඇමතිවරුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හදුන්වාදීම සිදු කළේ ඉන් අනතුරුවයි. ඉන්දීය දූත පිරිස හදුන්වාදීමද මෙහිදී සිදු කෙරුණා. නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු දූත පිරිස ජනාධිපති නිල නිවසට කැඳවාගෙන යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචාරය සනිටුහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැළයක් රෝපණය කිරීමටද එක්වුණා. ජනාධිපතිතුමා පිරිනමන භෝජන සංග්‍රහය සදහා මෝදි මහතා ඇතුළු පිරිස එක්වූයේ ඉන්පසුවයි.
ද්වීපාර්ශ්වික සබදතා වඩාත් තහවුරු කරමින් ශ්‍රී ලංකා ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ඉන් අනතුරුව සාකච්ඡා පැවැත්වුණා. ත්‍රස්ත ප්රහාරයක ලක්ව රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණ ලෝකයට ලබා දුන් පණිවුඩය පිළිබඳව ජනාධිපතිතුමා නරේන්ද්‍ර මෝදි මහතාට සිය ස්තුතිය පිරිනැමුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික ,වෙළෙඳ මෙන්ම සංචාරක ක්ෂේත්රවල උන්නතියට මෙම සංචාරය වඩා වැදගත් බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. සහෝදර සහ මිත්‍ර රාජ්‍යයන්වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කිරීම බව නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කළා. ඉන්දීයාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය එලෙසම ක්‍රියාත්මක බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. සියලු පාර්ශ්වවල සහායෙන් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ මෝදි මහතා සිය සතුට පල කළා. කලාපීය ආරක්ෂාව සහ සාමය පිළිබඳවද නායක දෙපල අවධානය යොමු කළා. ත්‍රස්තවාදය තුරන් කිරීම සදහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කමද මෙහිදී පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවට පැමිණි තමන් උණුසුම් ලෙස පිළිගැනීම සහ ලබා දුන් සත්කාර පිළිබඳ ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා රජයට මෝදි මහතා ස්තුතිය පළ කළා. මෙම සංචාරය සිහිපත් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණා.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය නිරීක්ෂණයට ද එක්වුණා. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , අමාත්‍ය සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන්ද එම අවස්ථාවට සභාගී වුණා. අනතුරුව නරේන්ද්‍ර මෝදි මහතා දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ මෙන්ම ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කළා.
ශ්‍රී ලංකා නිල සංචාරය අවසන් කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු දූත පිරිස පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. ඒ මහතාට සමුදීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන්තොටුපල වෙත පැමින සිටියා.