පහළ කඩුගන්නාව බිම්ගෙය ප්රදේශයේදී බස් රථයක පාපුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ මට්ටක්කුලිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක පාපුවරුවකුයි මෙසේ කඩා වැටී තිබෙන්නේ. කඩුගන්නාව බිම්ගෙය අසල බෝක්කුවක බස් රථයේ ඉදිරි පාපුවරුව ගැටී තිබෙනවා. ඒ සමගම එය කඩා වැටීමට ලක්වුණා. එහි ගමන් ගත් රියදුරු සහායක හා තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා. ඔවුන් කඩුගන්නාව හා මාවනැල්ල රෝහල්වලට ඇතුළත් කළ අතර එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.