ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කිරීම සම්බන්ධව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරුණා.
දෙරට අතර අනාගත ආර්ථික අවකාශයන් නිර්මාණය කිරීම පිළිබඳව ද නරේන්ද්‍ර මෝදි මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත්තා. දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවන් හි වත්මන් ප්‍රගතිය පිළිබඳවත් ඉදිරි සැලසුම් පිළිබඳවත් දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ අවධානය යොමු වුණා. ගෝලීය ත්‍රස්තවාදය හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා. සාකච්ඡා සඳහා වැඩි කාලයක් වෙන්කර ගැනීමේ අරමුණ ඇතිව අග්‍රාමාත්‍යවරුන් දෙපළ අතර සාකච්ඡා පැවැත්වුණේ වාහනයේ ගමන් කරන අතරතුරවීම ද විශේෂත්වයක්.