සුඩානයේ හමුදා පාලනයට එරෙහිව උද්ඝෝෂණ තීව්ර වෙයි
Related Articles
සුඩානයේ හමුදා පාලනයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණ ව්‍යාපාර තීව්ර වී තිබෙනවා.
උද්ඝෝෂණ ව්‍යාපාරවලට සම්බන්ධ වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් එරට හමුදා පාලනය ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. පසුගිය ඉරිදා සිට විරෝධතාකරුවන් සිය විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටිනවා. සුඩානයේ කාටවුම් නුවර හමුදා පාලනය ක්‍රියාත්මක කළ මර්දනකාරී වැඩපිළිවෙළ නිසා පුද්ගල ජීවිත රැසක් අහිමි වූ බවයි විරෝධතාකරුවන් සඳහන් කරන්නේ. ඔමර් අල් බෂීර්ගේ පාලනය පෙරළා දමමින් පසුගිය අප්‍රේල් මාසයේදි හමුදාව සුඩානයේ බලය අත්කර ගත්තා.