වෙනිසියුලාව මුහුණ දී ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් එරට දරුවන් දැඩි ජීවිත අවධානමකට මුහුණ දී තිබෙනවා.
කොළොම්බියාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ සරණාගතයින් පිළිබඳ විශේෂ නියෝජිත ඇන්ජලීනා ජෝලි මේ බව පවසනවා. දරුවන් විසිදහසකට පමණ තම මූලික මානුෂීය අවශ්‍යතාවයන් ලැබී නොමැති බවයි ඇය පවසන්නේ. එරට ආර්ථික හා මානුෂීය අර්බුද හේතුවෙන් මේ වන විටත් මිලියන 4ක පමණ ජනතාවක් කොළොම්බියාව ඇතුළු තවත් රටවල් කිහිපයකට පළාගොස් තිබෙනවා. ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරාලීමට දැනට ලැබී ඇති ආධාර හා මුදල් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි ඇය පවසන්නේ.