fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තද සුළං පිළිබඳව නාවිකයින්ට සහ ධීවරයින්ට අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 09:34

තද සුළං පිළිබඳව නාවිකයින්ට සහ ධීවරයින්ට අනතුරු ඇඟවීම්

තද වැසි සහ තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය ඉහළ යාම සම්බන්ධයෙන්.

ති‍්‍රකුණාමලයේ සිට කන්කසන්තුරේ හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 65 ක් පමණ දක්වා ඉහළ යාහැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා ප‍්‍රකාශ කළේ.

මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය ඉහළ යාම පිළිබඳව ධීවර හා නාවික ප‍්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්