fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය අගමැති අද දිවයිනට

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 09:01

ඉන්දීය අගමැති අද දිවයිනට

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද දිවයිනට පැමිණෙනවා.ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනුවයි. දෙවන වරටත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසුව මෝදි මහතා සිදු කරන පළමු රාජ්‍ය සංචාරය මෙයයි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනිම මෙම සංචාරයේ අරමුණයි. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය ජනාධිපති කාර්යාලයේදී උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නිල හමුවීමෙන් අනතුරුව විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිළිගැන්වීමට නියමිතයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශිය රාජ්‍ය නායකයා වන්නේ ද නරේන්ද්‍ර මෝදි මහතායි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 09:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්