fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් හා විපක්ෂ නායක අතර හමුවේදී සිදුවූ දේ

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 18:26

ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් හා විපක්ෂ නායක අතර හමුවේදී සිදුවූ දේ

රට තුළ ජාතිවාදය ඇවිලවීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හා  නියෝජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේදීයී මේ බව කියා සිටියේ.

රටේ ඇති වූ තත්ත්වය හමුවේ මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුණු ප්‍රතිචාර සහ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේගේ ජීවිත අවදානම ගැන සළකා තමන් මෙම තීරණය ගත් බව මුස්ලිම් මන්ත්‍රීවරුන් මෙහිදී කියා සිටියා. මුස්ලිම් දේශපාලනඥයන් හා මුස්ලිම් ජනතාව කිසි දිනෙක ත්‍රස්තවාදයට සහයෝගය දක්වා නැති බවද ප්‍රකාශ කළා. වසර 30 ක යුද්ධයේදී මුස්ලිම් මුස්ලිම් ජනතාව ඝාතනයට ලක් වූ අයුරු මෙම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට පෙන්වා දුන්නා. එහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මුස්ලිම් ජනතාව ප්‍රථමයෙන් මුස්ලිම් දේශපාලනඥන් පිලිබද විශ්වාසය ඇති කර ගත යුතු බවයි. එම තනතුරුවලින් එසේ ඉවත්වීම සුදුසු ක්‍රියාවක් නොවන බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළ බවයි විපක්ෂනායක කාර්යාලය මාධ්‍ය ඒකකය සදහන් කරන්නේ.

මේ අතර ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් අමාත්‍යවරුන් එසේ සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළේ පසුගිය 3 වනදායි. අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු 9 දෙනෙකු එම පිරිසට ඇතුළත්.

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 18:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්