fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කළුතර ධීවර හා නාවික ඉංජිනේරු විද්‍යාල ගොඩනැගිල්ලත් මුහුදු කෑමේ අවදානමට

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 17:57

කළුතර ධීවර හා නාවික ඉංජිනේරු විද්‍යාල ගොඩනැගිල්ලත් මුහුදු කෑමේ අවදානමට

මුහුදු රළ හේතුවෙන් උතුරු කළුතර ධීවර හා නාවික ඉංජිනේරු විද්‍යාල ගොඩනැගිල්ල කැඩීයාමේ අවදානමක් ඇතිවී තිබෙනවා.

මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග මේ දිනවල මුහුද රළුවී තිබෙනවා. මුහුදු රළ හේතුවෙන් කැලිඩෝ වෙරළ ආශ්‍රිත ප්‍රදේශය ද දැඩි සේ ඛාදනයට ලක්ව ඇති අයුරු දැකගත හැකියි. උතුරු කළුතර ධීවර හා නාවික ඉංජිනේරු විද්‍යාල ගොඩනැගිල්ල ද මුහුදු රළ හේතුවෙන් කැඩීයාමේ අවදානමකට ලක්ව තිබෙනවා.

වසර ගණනාවකට පෙර ඉදිකළ මෙම ගොඩනැගිල්ල හානියට පත්වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි ධීවර ප්‍රජාව ඉල්ලා සිටින්නේ. ගොඩනැගිල්ලේ තත්ත්වය සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතුකර තිබුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 17:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්